දියමන්ති කදුළු කැට........

දයාබර නංගියේ මල්ලියේ....
ඔබ කවදාක හෝ ඔබට කවුරුවත් ආදරේ නෑ කියලා ...අසරණයි කියලා ඔබ අසාර්ථකයි කියලා දුක්වෙලා තියෙනවද? අඩලා තියෙනවද? ලෝකෙටම නොපෙනෙන්න....ඇත්තමයි මම කියන්නද පුංචි රහසක් අනේ මම අඩලා තියෙන තරම් මුළු ලෝකෙටම නොපෙනෙන්න නොදැනෙන්න..මහා සාගරයක් තරම් කියලා බොරු කියන්නෙ මොකටද ඒත් මං අඩලා තියෙනවා ඇස් රතුවෙනකම්.
ඇත්තමයි ඒ කදුළු මට අද ආශිර්වාදයක්....
මගේ හිතට මහා පුදුම ශක්තියක් බලයක් ඇති කරගන්න ආත්ම ශක්තියෙන් යුතුව ලොවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මට ලැබුනෙ ඒ කදුළු තුලින්.....
ඔබ තුල සැගවී ඇති ශක්තියට මතුවෙන්න දෙන්න... ජීවිතය ජය ගන්න නිවැරදි මාවතකට පිවිසෙන්න ඔබේ මනසට අණ කරන්න.....! ඔබට අවශ්‍ය දියුණුවේ රන් දොරටුව විවර කරගන්න ඔබට පුළුවන්...
සිනාසෙන දෑස් අග
සැගවිලා තියෙන්නෙත්
අතීතයෙ මහා දිග
දුක හිතෙන කථාවක්
ඒ කදුළු කතාවේ
කදුළු කැට අද දිනේ...
අනගි දියමන්ති වී
මට පාර කියාදෙයි.......

Popular Posts